මාතර තංගල්ල ප්‍රධාන මාර්ගයේ දික්වැල්ල නගරයට පෙනෙන දුරින් මෙම සුප්‍රකට විහාරය ඉදිකොට ඇත. එකල වැව් දෙකකට සමීපව පිහිටි කුඩා කඳුගැටයක් මත ගිමන් හලක් පිහිටා තිබූ නිසා වැවුරුකන්නල නම ව්‍යවහාරයට පැමිණ තිබේ. විශාලතම බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩහිඳින නිසා මෙම ඉපැරණි පුදබිම වැවුරුකන්නල බුදුරජ මහා විහාරය ලෙස 1969 මාර්තු 2 වැනි දා සිට නම් කොට තිබේ. ඊට පෙර මෙම විහාරය සුදස්සනානන්ද විහාරය නමින් හඳුන්වන ලදී.
වැව්රුකන්නල බුදුරජ මහා විහාරය
