2026 ජුනි 22 දින සිට නොදිරන කසළ බෙලිඅත්ත ප්‍රාදේශීය සභාව මගින් භාරගනු ලබන්නේ ප්‍රාදේශීය සභා ස්ටිකරය සහිත පහත සඳහන් වර්ණිත පොලිතින් බෑග්වල පමණක් වන අතර, වෙනත් කිසිදු බෑගයකට ලබාදෙන නොදිරන කසළ භාරගනු නොලැබේ.

නොදිරන කසල:

නිල් පැහැති බෑගය – පිරිසිදු පොලිතින්

කොළ පැහැති බෑගය- පිරිසිදු ප්ලාස්ටික් / ටින් වර්ග

කළු පැහැති බෑගය- භාවිතයට ගත නොහැකි අපිරිසිදු පොලිතින් / ප්ලාස්ටික්
(සුළු මුදලක් ගෙවා ප්‍රාදේශීය සභා කාර්යාලයෙන් මිලදී ගැනීම සිදු කළ යුතු ය.)

දිරන කසළ:

දිරන කසළ ලබාදීමේදී පියන සහිත බඳුනක් පමණක් භාවිතා කළ යුතු අතර ට්
රැක්ටර් රථයේ සංඥා නාදයට සවන්දී එම කාර්යය සිදු කළ යුතුය.

කසළ බඳුන මාර්ගය තුල තබන්නේ නම් සුනඛයින්ට හසු නොවන ආකාරයට එය ස්ථානගත කිරීම සිදු කල යුතුය.

අදාල කසළ ලබා ගැනීමෙන් අනතුරුව නැවත එම බඳුන එම ස්ථානයේදීම තබනු ලැබේ.

කසළ නිසි ලෙස වර්ගීකරණය කර අපගේ ට්
රැක්ටර් රථ වෙත ලබා දීමට කාරුණික වන්න.

අවිධිමත් කසළ බැහැර කිරීමකදී ශ්
රී ලංකා දණ්ඩ නීති සංග්
රහයේ 262 වගන්තිය සහ ජාතික මංමාවත් පනත යටතේ නඩු පැවරිය හැක.
එබැවින් කසළ වෙන් කරමු. පරිසරය සුරකිමු.
සෞඛ්
යමත් දිවියක් ගොඩනගමු


” අද අපි පිරිසිදු කළ පරිසරය හෙට දරුවන්ට ලැබෙන වටිනාම තෑග්ගයි “
ස්තූතියි

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාව

වැඩිදුර විමසීම් :-
• කාර්යාලය : 047 2243275
• චමින්ද මහතා : 070 6688022