ගරු ලේකම්තුමාගේ පණිවිඩය,
පළාත් පාලන ආයතනයන්හි වෙබ් අඩවි අතරට බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවට ද එක්වීමට හැකි වීම අප ලද භාගයක් වන අතර ඒ සදහා පණිවිඩයක් නිකුත් කරනුයේ ඉමහත් සතුටිනි.
වර්තමානය වන විට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සියලුම අංශයන් බලගන්වමින් සංවර්ධනයේ නවමු මංපෙත් විවර කරමින් සිටි. ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල ලාභය පදනම් කර ගත් පෞද්ගලික අංශය මෙන්ම වර්තමානය වන විට මහජන සුභසාධනය පෙරටු කොටගත් රාජ්‍ය අංශය ද නව තාක්ෂණය භාවිතා කරමින් මහජනයා වෙත තම සේවාව වඩාත් කාර්යක්ෂමව ලබා දීමට උත්සුක වීම සතුටට කාරණයක් වේ.
එහිදී බෙලිඅත්ත ප්‍රාදේශීය සභාව ද තම සේවාවන් හා ක්‍රියාත්මක කරනු ලබන නව සංවර්ධන ව්‍යාපෘතීන් වඩාත් කාර්යක්ෂමව හා ඵලදයිතවයෙන් යුක්තව මහජනතාව අතරට ගෙනයනු වස් මෙම නිර්මාණය කරනු ලැබූ වෙබ් අඩවිය මගින් සාධනීය සේවාවක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරමි.
මෙම වෙබ් අඩවිය නිර්මාණය කිරීමේදී එවකට බෙලිඅත්ත ප්‍රාදේශීය සභවේ ගරු සභාපති සිරිල් මුණසිංහ මැතිතුමා විසින් ලබා දුන් සහය අගයකොට සලකන අතර; මෙම වෙබ් අඩවිය බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවට ලබා දීම වෙනුවෙන් දකුණු පළාත්, පළාත් පාලන කොමසාරිස් රනිල් වික්‍රමසේකර මහතාටත්, දකුණු පළාත් නියෝජ්‍ය පළාත් පාලන කොමසාරිස් නිරූපා.පී. මානගේ මහත්මියටත්, මේ සදහා අවශ්‍ය තාක්ෂණික සහය ලබා දෙන Transparency International Sri Lanka ආයතනයටත් මගේ හෘදයාංගම කෘතවේදීත්වය පුද කරනු ලබන අතර; බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ වෙබ් අඩවියට පිවිස ඔබට අවශ්‍ය තොරතුරු ලබාගන්නා ලෙස ගෞරවයෙන් ආරාධනා කරමි.
තව ද ඔබගේ වටිනා අදහස් හා යෝජනා බෙලිඅත්ත ප්‍රාදේශීය සභා නිල වෙබ් පිටුව වෙත සාදරයෙන් පිලිගනිමි.
ස්තූතියි.
මෙයට ඔබගේ යටහත් සේවක,
සංජීව රුවන්පතිරණ,
ලේකම්,
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාව.