2024 වරිපනම් ගෙවන ඔබට 10% වට්ටමක් !!

2024 වරිපනම් ගෙවන ඔබට 10% වට්ටමක් !!

2024 වර්ෂය සදහා අදාල වරිපනම් බද්ධ 2024 ජනවාරි 31 දිනට ප්‍රථමව ගෙවා 10% වට්ටමක් ලබා ගන්න .

වරිපනම් බදු පිළිබඳ ඔබත් දැනුවත්ද?

වරිපනම් බද්දක් යනු,

දියුණු කල ගම් ප්‍රදේශයක් ලෙස  ප්‍රකාශයට පත් කර ඇති  ප්‍රදේශයක පිහිටි නිශ්චල දේපලක  හෝ නිශ්චල දේපල වර්ගයක තක්සේරු කරන ලද වාර්ෂික වටිනාකම මත එහි අයිතිකරු හෝ පදිංචිකරු නිතීයෙන් ගෙවීමට බැදි සිටිනා ගාස්තුවයි.

ඔබ වරිපනම් බදු ගෙවන්නේ ඇයි?

  • ඔබ වරිපනම් දේපල හිමියෙකු නම් අදාල බදු ගෙවිම සම්බන්ධයෙන් ඔබට ඇති නෛතික බැදීම සහ සමාජීය වගකීම මත
  • ඔබ වෙනුවෙන් ප්‍රාදේශීය සභාව විසින් සපයන යටිතල පහසුකම් හා අනෙකුත් සේවාවවන් වෙනුවෙන්

ඔබත් වරිපනම් දේපල හිමියෙකු නම් ඉන් ඔබට අත්වන වාසි:

  • ඔබගේ දේපල වල තක්සේරු වටිනාකම ඉහල යාම
  • ඔබගේ දේපල අයිතිය සහතික කිරීමේ ලියවිල්ලක් වශයෙන්
  • ඔබට පළාත් පාලන ආයතන හා අනෙකුත් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සමඟ කටයුතු කිරීමේදි ඇති පහසුව.

 

January 8th, 2024